ආණමඩුවේ පාසල් නවයක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කරයි

Share

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ආණමඩුව ප‍්‍රදේශයේ පාසල් නවයක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවයි.

විශාලත්වයෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශය තුළ අධ්‍යාපනයට ඇති පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ යෝජනාවකට අනුව මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පළමු අදියර යටතේ ජාතික පාසල් ලෙස සංවර්ධනය කරනුයේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා නවගත්තේගම, පල්ලම, සාලියවැව, බණ්ඩාරණායකපුර, මදුරංකුලිය යන මහා විද්‍යාල වෙයි.

මේ අතර ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආණමඩුවට අයත් පාසල් 87 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මකය.

Read more

Local News