දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 පමණ) ඇති විය හැක.

මන්නාරම සිට කොළඹ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

Read more

Local News