කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපළේදී රේගු භාරයට

රුපියල් ලක්ෂ 22ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් බාරයට ගෙන තිබේ.

 

එම කුෂ් නැමැති ගංජා තොගය අද (20) රේගුව බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය

බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථනයක හැඩයෙන් යුතු විෂබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා පාර්සල් කටුනායකට එවා තිබුණේ රේගු අවධානය වෙනතකට යොමු කිරීමේ අදහසින් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.

එම ගුවන් පාර්සල් බාරගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැති බව ද වාර්තා වේ.