කොවිඩ් මර්දනයට රුසියාව නිපදවු එන්නත ලංකාවටත් – සෞඛ්‍ය අමාත්‍ය

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව
විසින් නිපදවනු ලැබූ  නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා
වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමග අද (21) පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයේ දී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග හා ඒ තුළින් එම තත්ත්වය සාර්ථකව මර්දනය කළ හැකි වු බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකර සිටින බව මෙහිදී අමාත්‍යතුමිය සඳහන් කළාය.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

Read more

Local News