මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,941 දක්වා ඉහළට

Share

මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ රාත්‍රිය වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඉන්දුනීසියාවේ හා කුවෙට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 23කි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,941 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 2,789 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 141 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News