ඉලවාලි, සේදම්කුලම් ප්‍රදේශයේදී පහරදී තරුණියක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. කොල්ලකරුවන් පිරිසක් නිවසේ රැදී සිටි අදාළ තරුණියට පහරදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් තිබේ.
කොල්ලකරුවන් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා ඇත.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණියක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.