යුද හමුදා සෙබළුන්ගේ තවත් නව නිර්මාණයක්

Share

ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ සෙබළුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට විවිධ නිර්මාණ බිහිකරමින් සිටියි.

 

ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන්නේ ලොව තවත් රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන යුද ගිලන් රථයි.

මෙම ගිලන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා මෙරට දී නිෂ්පාදනය කර විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.

යුද ගිලන් රථ නිෂ්පාදනය මේ වන විට සිදුකරන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණය.

නමුත්, මෙරට නිෂ්පාදිත යුද ගිලන් රථවල එම රථවලට වඩා සුවිශේෂී වෙනස්කම් රැසක් පවතියි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සෙබළුන් පවසන්නේ, මෙම රථ සඳහා ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවය.

Read more

Local News