ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් තිදෙනෙක් මරුට

Share

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් වයස අවුරුදු 11ක දරුවෙකු මියගොස් තිබේ. නිවසක නවතා තිබු ලොරි රථයක් වයස අවුරුදු 15ක දරුවෙකු විසින් පණ ගන්වා ඇති අතර එම අවස්ථාවේ දී ලොරි රථය ඉදිරියට ගමන් කර එම ඉඩමෙහිම පා පැදියක් පදිමින් සිටි දරුවෙකුගේ ගැටී එම අනතුර සිදුවී ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබු එම දරුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ක් වු වැලිකන්ද, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර හොරණ – ගලගෙදර මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.මියගොස් ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි.

වේයන්ගොඩ පොලිස් වසමේ නයිවල, උඩුගම්පොළ මාර්ගයේ දී සිදු වු රිය අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් ඇත.

ලොරි රථයක් එම දිශාවටම ගමන් කළ පා පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 78ක් වු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News