පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේ දී බස්නාහිර පළාත, උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 48යි මිලිග්‍රෑම් 29ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වු දුටුගැමුණු මාවත, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (23) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.




