පිරිමි දරුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

Share

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ සම්බන්ධයෙන් අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එම බාලයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව අනාවරණය වී තිබේ.

2019 වර්ෂයේ අගභාගයේ දී ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔවුගේ මෝටර් රථයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගොස් ඇත.

ඒ අවස්ථාවේ දී ඔහු දරුවාට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර බීමක් පානය කිරීමට සලස්වා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව අනාවරණය වී තිබේ.

Read more

Local News