කොරියාව, ජපානය සහ රුමේනියාවට නව වෘත්තීන්වල රැකියා සඳහා තරුණ තරුණියන් යැවීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් තිබෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (23) බදුල්ලේ පැවති මහජන රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
ඒ වගේම විදේශ රැකියා ක්ෂේත්‍රයේ මෙතෙක් අප අවධානය යොමු කළේ ගෘහ සේවිකා සහ කම්කරු වැනි තනතුරුවලට. නමුත් දැන් අප කොරියාව, ජපානය, රුමේනියාව වැනි රටවල නව වෘත්තීන් සඳහා තරුණ තරුණියන් යැවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පුහුණුවීම් රජයෙන් ලබාදීමටත්, විදේශ ගත කරන අයගෙන් කිසිදු මුදලක් අය නොකිරීමටත් අප අමත්‍යාංශය සියලු සැලසුම් සකස් කර තිබෙනවා.’