ලංගම දෛනික ආදායම මිලියන 2කින් පහතට

Share

දෛනික ආදායම රුපියල් මිලියන දෙකකින් පමණ පහත වැටී ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

 

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයත් සමග මගී ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් ඉවත් වීම හමුවේ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

රුපියල් මිලියන 50 ඉක්මවූ මණ්ඩලයේ ආදායම යළි රුපියල් මිලියන 69 ක් දක්වා ඉහළ නැංවීමට හැකි වු බව සභාපතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතියෙන් පසු ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20 කින් පමණ පහත වැටුණ බවයි.

ඇඳිරි නීතිය පැනවීමට පෙර සාමාන්‍ය දිනක මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 75 ත් 85 ත් අතර අගයක පැවතිණි.

ඔහු පැවසුවේ, පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන කඩිනමින් විකල්ප ආදායම් මාර්ග වෙත යොමු වීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ඒ අනුව බස් රථ එංජින් අලුත්වැඩියාව වැනි විකල්ප ආදායම් මාර්ග වෙත මණ්ඩලය යොමු වී ඇති බව ද ඔහු පැවසුවේ ය.

Read more

Local News