මෙවර මහ කන්නයේ පොහොර සැපයීම කාණ්ඩ 4ක් යටතේ

Share

වගා බිම් හෙක්ටයාර හතලිස් පන්දහසකට කාබනික පොහොර සැපයීමට පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසීය.

 

කාණ්ඩ හතරක් යටතේ එය සිදු කෙරෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළේය.

ඒ යටතේ වගා බිම් හේකටයාර 2000 කට කාබනික පොහොර පමණක් සැපයීමට නියම්ත අතර එම වගා බිම් සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් භාවිත නොවන බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පැවසීය.

කළුතර, මාතර හා ගම්පහ දිස්ත්‍රික්වල හෙක්ටෙයාර් 700 කට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1300කට ද, මේ යටතේ කාබනික පොහොර ලබා දීමට නියම්තයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2000ක් සඳහා කාබනික පොහොර සැපයෙන්නේ 70% ප්‍රතිශතයකින් වන අතර මෙම වැඩපිළිවෙළ යටතේ හෙක්ටයාර 1000ක් සඳහා 50% පදනම යටතේ කාබනික පොහොර සැපයෙන බව මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා පමණක් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 460කි.

Read more

Local News