මෙවර ශ්‍රිලනීප සංවත්සර සමුළුව පවත්වන්නේ නෑ : පක්ෂ මහ ලේකම්

Share

මෙවර නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තිරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 

කොරෝනා වෛරසය හේතුකොටගෙන මහජනය රැස් කිරිමෙන් තොරව එම උත්සවය වෙනුවට ලබන මස 02 වැනිදා ආගමික කටයුතු බෙල්ලන්විල විහාරයේදී පැවැත්වීමට තීරණය කළ පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවනීය තනතුරක් ලබාදිය යුතු බවට කිසිදු ලිඛිත ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ ඊයේ (27) පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එවැනි තනතුරක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බවට විශ්වාස කරන බවය.

Read more

Local News