මාර්ග අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

Share

ඒ 9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කිළිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කිළිනොච්චිය දෙසට ධාවනය කළ යතුරුපැදියක් වවුනියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටී පෙරළී ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ලදී.

එහිදී යාපනය දෙස සිට වවුනියාව දෙසට ධාවනය වූ තවත් ටිපර් රථයකට යතුරුපැදිකරු යටවී බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතූළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුරින් කිළිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරටම අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල්ගත කරඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News