ගෝලීය වෙළඳාමට සවිබලයක් වන චීනයේ විදේශ වෙළඳ ගනුදෙනු

Share

මෙම වසරේ මුල් මාස 7 ඇතුළත, චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 30.13ක් ලෙස වාර්තා වෙයි. මෙය, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17.3%ක වර්ධනයක් බව චීනය ඊයේ(07) නිකුත් කළ නිල දත්ත ඇසුරින් පෙන්වා දී ඇත. ගත වූ මාස හතේ චීනයේ අපනයන වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා 14%ක වර්ධනයක් වාර්තා කළ අතර, ආනයන වටිනාකම ද පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 22%ක වැඩිවීමක් පෙන්නුම් කරයි‍. එමෙන්ම, ගෙවී ගිය මාස හතේදී අධි තාක්ෂණික නිපැයුම් අපනයන වර්ධන වේගය 50% ඉක්මවා එය සමස්ත අපනයන වර්ධන ප්‍රමාණයෙන් 60%ක ආසන්න අගයක් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති ඒජින්සිය ඇතුළු විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ ආරක්ෂණවාදය නැගී සිටීම, ලෝක වෙළඳ වර්ධනය අඩපණ වීම යනාදී සන්දර්භ යටතේ චීන වෙළඳාමේ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත තත්ත්වයන් අභිබවා ගොස් ඇති අතර ම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇතුළු ඉහළ පෙළේ ක්ෂේත්‍රයන් තුළ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීම විශේෂත්වයක් බවයි.
ලොව පුරා අංගසම්පූර්ණ කර්මාන්ත පද්ධතීන් චීනය සතු වීම ඊට බලපාන බවත්, ඵලදායී සැපයුම් හා විශාල ආනයන සාක්ෂාත් කිරීමෙන් විදේශ වෙළඳ වර්ධනය වෙත මනා පදනමක් ලබා දිය හැකි බවත්, චීනයේ Renmin විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Wang Xiaosong මහතා පවසයි. චීනය සතු සුවිසල් වෙළඳපොළ, නවෝත්පාදනය සහ විවෘතභාවය පිළිබඳ සාධනීය ප්‍රතිපත්තීන් විදේශ වෙළඳ වර්ධනයට පිටුබලයක් බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර, මෙම වසරේ මුල් මාස හත තුළ, චීනයේ ආනයන වර්ධන වේගය, අපනයන වර්ධන වේගයට වඩා 8%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. මේ වන විට, රටවල් 63ක් සඳහා තීරු බදු රහිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ. මේ සමග, ආනයන පරිමාව අතින් 17වන වරටත් අඛණ්ඩ ව ලොව දෙවනි ස්ථානයේ රැ‍‍ඳීමට චීනයට හැකිවීම විශේෂත්වයකි. මෙම වසරේ, ‘චීනයට අපනයන කිරීම’ යන මැයෙන් පැවැත්වෙන වැඩමුළුව බෙලරුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, තායිලන්තය ඇතුළු විවිධ රටවල සංවිධාන කර ඇත. ඇමරිකාවේ Eurasia Review මාධ්‍ය ආයතනය පවසන්නේ චීනයේ ආනයන කටයුතු ලෝකයේ වෙළඳ අනාගතය උදෙසා සවිබලයක් බවයි.

Read more

Local News