සුඩානයේ අධ්‍යාපනය නගාසිටුවීමට චීනයෙන් ලෝක ප්‍රජාවට ඇරයුමක්

Share

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සුඩානයේ අධ්‍යාපන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් රැස්වීමක් පැවැත්වීය. සුඩානයේ සන්නද්ධ ගැටුම් හේතුවෙන් මිලියන 8කට ආසන්න ළමුන් පාසල් හැර ගොස් ඇති බවත්, පාසල් විශාල සංඛ්‍යාවක් නටබුන් බවට පත්ව ඇති බවත් චීන නියෝජිතයා රැස්වීමේදී පෙන්වා දුන්නේය. ළමයින්ට හානි කරන ක්‍රියාවන් නීතියට අනුකූලව බරපතළ වගවීමකට භාජනය විය යුතු බව චීන නියෝජිතයා එහිදී සඳහන් කළේය.
සුඩානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන වැඩි කරන ලෙසත්, හානියට පත් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට සහාය වන ලෙසත්, ඉගැන්වීම් ද්‍රව්‍ය සැපයීම සහතික කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

Read more

Local News