ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් අදියරේ

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා තිබේ.

එම අවබෝධතා ගිවිසුම ප්‍රකාරව 2018 ජූනි මස 09 වන දිනට ප්‍රථම ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සකසා අවසන් කරනු ලැබේ. අනතුරුව ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

Read more

Local News