පිච්චේ ෆායිස් අත්අඩංගුවට

Share

හෙරෝයින් ජාවාරමට සම්බන්ධ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු මාලිගාවත්ත, ලීමෝලවත්තේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පාතාල නායකයින් වන කංජිපානි ඉම්රාන් හා ලීමෝලවත්තේ රිස්වාන්ගේ සහයකයෙකු වන මොහොමඩ් ෆාරුස් නොහොත් ‘පිච්චේ ෆායිස්’ නැමැති පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් සමග හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල කණ්ඩායම් සාමාජික දෙමටගොඩ චමින්දගේ සහයකයෙකු වූ කුඩුරුවන්ගේ පුත්‍රයා එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News