ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 901දෙනෙක් සඳහා ස්වශක්ති ණය

Share

රැකියා දසලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සවිබල ගැන්වීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කළ ස්වශක්ති ණය දීමේ වැඩසටහන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් සාර්ථකව ක්‍රියාවට නැංවීය.

මේ යටතේ මහ බැංකුව මගින් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 901දෙනෙක් සඳහා ණය අනුමත කර තිබේ. ණය ලබා දුන් ප්‍රමාණය 620කි.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ස්වශක්ති ණය වෙනුවෙන් ලද  මුළු අයදුම්පත්‍ර සංඛ්‍යාව 5612ක් වන අතර ඉන් අවුරුදු 45ට වැඩි වීම, සිල්ලර වෙළඳාම්, අසම්පූර්ණ ඉල්ලුම් පත්‍ර, පවත්නා ව්‍යාපාර ආදී විවිධ හේතු මත 2540 ක අයදුම්පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබේ. සකස් කළ මුළු ව්‍යාපාර සැලසුම් ප්‍රමාණය 1425ක් වන අතර 620ක් සඳහා දැනට ණය ලබා දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන අංශය සඳහන් කර සිටියේ, 2018 වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය විසින් යෝජනා කල ක්‍රියාකාරි සැලැස්ම වැඩසටහන් රැසක් අන්තර් ගත කොට ඇති බවත්ය. කුඩා ව්‍යාපර ලියාපදිංචිකොට ජාතික තලයට එසවීමේ ග්‍රාමිය මට්ටමේ ව්‍යාප්ත කරනු ලබන වැඩසටහන එහිදි ප්‍රමුඛ වෙයි.

එය ජංගම සේවවක් වශයෙන් ක්‍රියාත්මක කිරිමට යොජිත අතර, 2018 වසර සඳහා එවැනි ජංගම සේවවන් 200ක් පැවත්විමට අපෙක්ෂිතය.

Read more

Local News