දිවයිනපුරා ධීවර සංස්ථාවේ මාළු අලෙවිසැල් අරඹයි

Share

දිවයින පුරා ජනතාවට සහන මිලට අළුත් මාළු මිලදී ගැනිමට සැලැස්වීම උදෙසා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා මාළු අලෙවිසැල් ඇරඹීමට කටයුතු සංවිධානය කර තිබේ.
ඊයේ(03) ගොතටුව, වැලිකඩ පාරේ, අංක 21 දරන ස්ථානයේ නව මත්ස්‍ය වෙළදසැලක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිම සිදුවිය.
දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සහන මිලට මාළු මිලදී ගැනීම සදහා මෙවැනි වෙළදසැල් රැසක් ඇරඹීමට කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා ලංකා ධීවර සංස්ථාවේ සභාපති එස්.ඩබ්.එල් දවුලගල මහතා, ධීවර අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ සහ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිශාන්ත රත්නවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.

Read more

Local News