තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වැඩසටහන් මාලාවක් පළාත් පාලන නව සමාජිකයින්ට

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණයෙන් පත් වන නව සමාජිකයින් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

ඒ අනුව පළාත් පාලන ආයතන 341හි  මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් පත්වන 8293ක් වන සමාජිකයින් සඳහා මෙම වැඩමුළු මාලාව පැවැත්වෙන අතර සෑම දිස්ත්‍රික්කටම වැඩමුළු 2 බැගින් වැඩමුළු 50ක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ඒ මහතා ප්‍ර‍කාශ කළේය.

තොතරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම් සඳහා වන ධනාත්මක ප්‍ර‍තිචාර දැක්වීමට රාජ්‍ය නිලධාරින් දැනුම්වත් වී සිටිය යුතු අතර විශේෂයෙන් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය වේ.

Read more

Local News