මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීමට යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක්

Share

කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි.

 

මෙම යූරෝ 49ක ප්‍රධානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වෙයි.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ(07) සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණ.

යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවයි.

සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ
ව්‍යාපාරිකයන්ට සහාය දීම, කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවීමට නියමිතය.

ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල 54ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි.

Read more

Local News