එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Share

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුථ නියෝජිත පිරිස ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවිය.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිණිය විසින් මෙහිදි එඩ්වර්ඩ් කුමරු සහ එම කුමරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Read more

Local News