මෙරට ජාතික ආරක්‍ෂක විද්‍යාලය ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියාවේ සහයෝගය

Share

මෙරට ජාතික ආරක්‍ෂක විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ සහයෝගය හිමිවිය.

 

ඊයේ(08) දිනයේ ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඔස්ට්‍රේලියා ආරක්‍ෂක උපදේශක ගෘෘප් කපිතාන් ෂෝන් අන්වින් යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල්(විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතා වෙත ග්‍රන්ථ 600ක් පිළිගන්වනු ලැබීය.

මෙම උත්සවයේ දී මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සදහන් කළේ, ත්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලදාරීන්ට වෘත්තීය මිලිටරි අධ්‍යාපනය ලබා දෙන ජාතික ආරක්‍ෂක විද්‍යාලයක් පිහිටුවීම සදහා ශ්‍රී ලංකාව වෙත සහයෝගය දැක්වීමට ලැබීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බෙහෙවින් සතුටට පත්වන බවයි.

පිළිගන්වනු ලැබූ ග්‍රන්ථ හයසියය, අන්තර්ජාතික සබඳතා, උපාය මාර්ග, ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ ඉතිහාසය හා සම්බන්ධ විවිධ මාතෘකා 173කින් සමන්විත වන අතර 2021 දී අධ්‍යයන පාඨමාලා ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂක විද්‍යාලයේ පුස්තකාලය පිහිටූවීම සදහා එය උපකාරී වනු ඇතැයි ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර තිබේ.

Read more

Local News