රාජ්‍ය දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25%ක් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත

Share

සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% ක වටිනාකමින් යුතු ප්‍රචාරණ වැඩසටහන් සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් අනිවාර්යයයෙන් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක්නොවන ලෙස පවත්වාගෙන යාමේ අරමුණැතිව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Read more

Local News