චීන ජාතිකයින් 1000කට අමෙරිකාවෙන් තහනමක්

Share

චීන ජාතික සිසුන් සහ පර්යේෂකයින් 1000ක වැඩි පිරිසකට වීසා නොදීමට අමෙරිකාව තීරණය කර තිබේ.

 

එම පුද්ගලයින් හේතුවෙන් සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේයැයි සලකා එවැනි තීරණයක් ගත් බව අමෙරිකාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මොවුන් චීන රජය සහ ආරක්ෂක අංශ සමඟ සබඳකම් පවත්වන බවට ඇමරිකානු බලධාරීන් චෝදනා කරයි.

විශේෂයෙන් මොවුන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ දත්ත සොරා ගැනීමේ අපේක්ෂාවෙන් සිය රටට පැමිණෙන්නේ දැයි සැකයක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

Read more

Local News