නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙන‍ෙකුට ජනපති අතින් පත්වීම් (ඡායාරූප)

Share

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

ඒ අනුව, නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් කලින් හෙබ වූ තනතුර පහත දැක්වේ.

1- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා – දිසා විනිසුරු
2- සී. මීගොඩ මහත්මිය – දිසා විනිසුරු
3- ඒ.අයි.කේ. රණවීර මෙනවිය – දිසා විනිසුරු
4- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය – ප්‍රධාන මහේස්ත්‍රාත්
5- ආර්.එස්.ඒ.දිසානායක මහතා – මහේස්ත්‍රාත්
6- ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා – දිසා විනිසුරු
7- ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු
8- එච්.එස්. පොන්නම්පෙරුම මහතා – දිසා විනිසුරු
9- එස්.අයි. කාලිංගවන්ස මෙනවිය – අතිරේක දිසා විනිසුරු
10- ඩී.ඒ.ආර්. පතිරණ මහතා – මහේස්ත්‍රාත්
11- එන්.ටී. වික්‍රමසේකර මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
12- ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

Read more

Local News