එජාප නව නියෝජ්‍ය නායකයා රුවන් විජේවර්ධන : ලබන ජනවාරි තෙක් රනිල් නායකත්වයේ

Share

රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස පත් විය.

 

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සදහන් කළේය

ඒ, ඊයේ සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැත්විය.

ඊයේ දිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙන් වන අතර ඒ සඳහා රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගෙන තිබුණි.

එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 ක් ලැබුණු අතර රවී කරුණානායක මහතාට ලැබී තිබුණේ ඡන්ද 10 ක් පමණි.

නව නියෝජ්‍ය නායක ලෙස පත්වූ රුවන් විජේවර්ධන මහතා පිළිගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

ඔවුන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඇති බුද්ධ මන්දිරය වෙත ගිය විජේවර්ධන මහතා අගමික වතාවත්වල නිරත විය.

Read more

Local News