මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල වලට කළ යුතු දේ අගමැති කියයි

Share

අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී නීතිපතිවරයාට උපදෙස් දී ඇත.

 

ජාවාරම්කරුවන්ට අයත්, දේපොළ අන් අයට පැවරීම හෝ විකිණීම තහනම් කිරීමට, කඩිනම් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද අගමැතිවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

ඊට අදාළ අධිකරණ නියෝග කඩිනමින් ලබා ගෙන එම කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, දේපොළ රාජසන්තක කිරීමේ ක්‍රියාවලියට නීති සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් එම කටයුතු ද කඩිනම් කරන්නැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි.

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රාජසන්තක කිරීමට නියමිත දේපොළ අතර රුපියල් මිලියන 749 ක ඉඩකඩම් පවතින බව පොලීසිය පැවසීය.

ඔවුන්ට අයත් වාහන 89 ක් ද පවතින බවත් සැකකරුවන් අයත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11 කට ආසන්න වන බවත් පොලිසිය පවසයි

Read more

Local News