මෙරට රාජ්‍ය සේවයට විදේශයේ උපාධි ගත් අය බඳවා ගැනීමට රජය තීරණය කරයි

Share

මෙරට රාජ්‍ය සේවය සදහා විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් බඳවා ගැනීමට තීරණය කර ඇත.

 

එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ලේකම්වරයා සඳහන් කළේ ඒ අනුව ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බවයි.

ඒ හරහා විදේශ අධ්‍යාපනය ලැබූවන්ගෙන් මෙරටට සේවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News