නිරිත දිග ප්‍රදේශ වලට හෙට සිට වැස්ස වැඩිවෙයි

Share

දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට(18) දින සිට සැප්තැම්බර් 21 දින දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඇතැම් ප්‍රදේශ වලට මී.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තද සුළං ඇති විය හැකිය.

Read more

Local News