ගමන් මග නීරීක්ෂණය කළ හැකි අධිතාක්ෂණික කර පටි පළඳවන ලද ගැහැණු හිම වලසුන්

Share

ගමන් මග නීරීක්ෂණය කළ හැකි අධිතාක්ෂණික කොලර (කර පටි) පළඳවන ලද ගැහැණු හිම වලසුන් නව දෙනෙකු මාර්ගයෙන්, උතුරු අර්ධගෝලයේ හීන වෙමින් පවතින ආක්ටික් හිම ස්තරය අතර ඇති ආහාර සපයා ගැනීමට සතුන් දරන උත්සාහය පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනුම් ගත කරනු ලැබ ඇත.

එසේ පළඳවන ලද සෑම කරපටියක් මගින්ම දින 8-12 අතර වූ කාලයක වීඩියෝ දර්ශන පටිගත කිරීම, ඔවුන් සැරිසරන ස්ථාන හඳුනා ගැනීම සහ ක්‍රියාකාරකම්වල මට්ටම නිරීක්ෂණය කර ඇත.

ඊට අමතරව, පරිවෘත්තීය අන්වේෂක මගින් වලසා විසින් යොදනු ලබන ශක්තිය පිළිබඳ තොරතුරු රැස්කර තිබේ. සපුරා ගත යුතු ශක්ති ප්‍රමාණය ළඟා කර ගැනීමට අවශ්‍ය කෙරෙන ගොදුරු අල්ලා ගැනීමට බොහෝ සතුන් අසමත් වනබව ඉහත කී පියවර මගින් හෙළිවී ඇත.

වනයේ වෙසෙන වලසුන්ගේ පරිවෘතික අනුපාතය මින් පෙර සිතුවාට වඩා ඉහළ අගයක් ගන්නා බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

 

 

 

 

Read more

Local News