මෙරට කොරෝනා රෝගීන් ගණන 3287ක් දක්වා ඉහළට

Share

ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 3287ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඊයේ(20) දිනයේ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වි තිබෙන බව හදුනාගෙන තිබේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 186 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 3088ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අද (21) දිනය තුළ පුද්ගලයින් 136 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට 268,371ක් වන අතර ඊයේ දිනයට පමණක් පරීක්ෂණ 1785ක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News