සූදූ ක්‍රීඩාවේ යෙදුණු චීන ජාතිකයින් 12ක් අත්අඩංගුවට

Share

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර කාන්තාවන් තිදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සතුව විදෙස් ගමන් බලපත්‍ර ද නොතිබූ බව පොලීසිය පැවසීය.

ඔවුන් අද(22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News