වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරයි

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවකට එක්විය. එහිදී ප්‍රකාශ කළේ, 1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බවයි.

එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිඳු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සඳහන් කළේය.

රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළහැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය. උතුරේත්, දකුණේත් සියලූ ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේ්ක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

Read more

Local News