මේ වසර අවසානය වනවිට වයි-ෆයි පහසුකම් නොමිලේ – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5) දින ජනරැලියට සහභාගි වෙමින් පැවසුවේ 2018 වසර අවසන් වන විට සෑම ගමකටම නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දෙන බවයි.

පසුගිය වසරේ දී මුළු රටටම නොමිලේ වයි-ෆයි පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබුණ ද ස්වභාවික විපත් ඇතුළු විවිධ අර්බුදවලට මුහුණදීමට සිදුවූ හෙයින් ඒ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ බවයි.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සෑම පාසලකම උසස් පෙළ පන්ති සඳහා ලබන අප්‍රේල් මාසය වන විට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදීමට හැකි වන බව කී අගමැතිවරයා පළමුවෙන්ම උසස් පෙළ පන්ති සහිත පාසල්වලට නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දෙන බව කීය.

මුලින්ම පසල්වලට වයි-ෆයි පහසුකම් දීමෙන් පසුව එහි පවතින අඩු පාඩුකම් ආදිය ද හඳුනාගෙන මුළු රටම ආවරණය වන පරිදි 2018 වසර අවසානය වනවිට වයි-ෆයි පහසුකම් ලාබදීමට හැකි වන බව අගමැතිවරයා සඳහන් කළේය.

Read more

Local News