දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදීමෙන් 4ක් මරුට

Share

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් ඊයේ පස්වරු 4.55ට පමණ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත් සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව පොලිසිය කියයි.

 

Read more

Local News