පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක්

Share

ශ්‍රි ලංකාවේ පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇත.

 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ(23) දිනයේ ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණු අතර වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව හිමිවන බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.

පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකි අතර, ඒ සඳහා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දීමට මෙයින් බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ඉදිරියේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද මෙම පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, පොලිස් අභ්‍යාස ආයතනය මඟින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් මෙහිදී කටයුතු කිරීමට නියමිතයි.

Read more

Local News