රට ඉදිරියට ගන්න නම් පවුල් වාදයෙන් ඉවත් විය යුතුයි – අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

Share

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳව අද (6) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, රට ඉදිරියට ගන්න නම් පවුල් වාදයෙන් ඉවත් විය යුතු බවත් යකඩ සපත්තුවට එදා අධිකරණය යට කර තිබුණු බවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම රටේ පුරවැසියා බලපොරොත්තු වන බවයි.

අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි රටේ පුරවැසියා බලපොරොත්තු වෙන්නේ. කෝප් සභාවේ බැදුම්කර වාර්තාව ඉදිරිපත් වුණාම, අගමැතිතුමාගේ මඟපෙන්වීම මත නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. මේකට ඉක්මනට ක්‍රියා කරන්න කිව්වා. ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂමක් පත් කළා.

හොරු කියන අය පක්ෂවලත් ඉන්නවා. වෙනස ඇවිල්ලා, පසුගිය කාලයේ චෝදනා ඉදිරිපත් වුණාම, විමර්ශන නෑ. පසුගිය වසර දහයේ දී ජනාධිපති කොමිෂන් තිබුණා. ඒ වාර්තා සියල්ල මහජනතාවට දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒවා පුරවැසියන්ට දැනගැනීමට සභාගත කරන්න. දැනට සමහර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 වසරේ දී පමණක් නොවේ 2008 සිට බැඳුම්කර දූෂිත වළල්ල සොයන්න කියලා. චෝදනා දිගටම තිබිලා තිබෙනවා. මේවා ගැන සොයා බලන්න අවශ්‍යයි. පසුගිය කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළාද? අත්
අඩංගුවට ගත්තද? කිසිවක් වුණේ නෑ. අපි වෙනසක් ඇති කළා. එදා අධිකරණයට ඉඩ දුන්නේ නෑ.

රටට වෙන පාඩුව වැඩියි. සුදුසු අයත් නොවෙයි. එවැනි අය එදා වරප්‍රසාද ගත්තා. ගුවන් සේවාව පුද්ගලික ගමනකට හරවා ගැනීම කොච්චර වැරදි ද? මේවා මිලකින් ගණනය කරන්න බෑ. ගුවන් සමාගමේ කීර්ති නාමයට වෙන හානිය සිතන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News