උදයංග වීරතුංග අද ජනාධිපති කොමිසම හමුවට

Share

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමේ කටයුතු අවසන් කර තිබෙන බව වාර්තා වෙයි.

 

මේ වන විට ජනාධිපති කොමිසම විසින් පැමිණිලි හතරක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවත් එම විමර්ශනවලට අදාළ නිර්දේශ ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලබන කොමිශන් සභා වාර්තාවෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් යහපාලන රජය සමයේ දී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් තමන් වැඩතහනමට ලක්කළ බව පවසමින් ලලිත් ජයසිංහ මහතා විසින් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ශව රැසකගෙන් කොමිසම සාක්ෂි ලබා ගත් අතර අද(29) දිනයේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Read more

Local News