නුදුරේදීම කෝටිපතියන් බවට පත්වන ගායක කණ්ඩායම

Share

ජනප්‍රියතම ගායක කණ්ඩායම ලෙස සැලකෙන BTS සාමාජිකයන් සියලු දෙනා ලබන මාසයේ සිට ඔවුන් අයත් සමාගම ජනසතු කිරීමට පියවර ගැනීමත් සමග නුදුරේම කෝටිපතියන් බවට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

මේ සමග එම සමාගමේ හිමිකරු මෙන්ම එහි කොටස්වලින් 43%ක ප්‍රතිශතයක් අයත් බෑන්ග් සි හ්‍යුක් ප්‍රකෝටිපතියකු වනු ඇත අතර පෞද්ගලික සමාගමක් මෙලෙස ජනතා අයිතියට පත්කිරීම තුළින් සමාගමේ අයිතිකරුවන් ගෙවන මුදලට වඩා වැඩි අගයකට එහි කොටස් ජනතාවට අලෙවි කිරීමේ හැකියාව ලැබේ.

එම සමාගමට පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම හමුවේ මේ වනවිට එයට අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක වටිනාකමක් නියමවී තිබේ.

ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙම සමාගමේ හිමිකරු , BTS සාමාජිකයකුට කොටස් 68 , 385 බැගින් ලබාදුන්නේ ය.

මේ වනවිට සමාගමේ එක් කොටසකට යූරෝ 70 – ත් 88 ත් අතර මිල නියම කර ඇති අතර කොරියානු කොටස් වෙළඳපොළ තුළ ලයිස්තුගත කිරීමෙන් පසු යූරෝ මිලියන 638 ක් ඉපැයීම එම සමාගමේ අපේක්ෂාවයි.

එම සමාගමේ ආයෝජකයන් සොයාගැනීමට පැය කිහිපයක් පමණක් ගතවීම හමුවේ BTS සාමාජිකයන් වෙත පවතින රසික ආකර්ෂණය කොපමණ දැයි යළි තහවුරු විය.

BTS කණ්ඩායමේ රසිකයන් සිය ප්‍රියතම සාමාජිකයින්ට සහය පළ කිරීමේ අරමුණින් අඩුම තරමින් සමාගමේ එක් කොටසක් හෝ මිලට ගැනීමට ප්‍රයත්න දැරීම ඊට හේතුවයි.

BTS කොරියානු පොප් ඉතිහාසය තුළ වාර්තා රැසක් බිඳ හෙළා ඇති අතර ඔවුන්ගේ නවතම ගීතය වන ඩයිනමයිට් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ වාර්තාවක් ද තැබුවේ එළි දක්වා පැය 24 ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත්වෙමිනි.

බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ මුල් තැන හිමිකරගත් ප්‍රථම කොරියානු ගායක කණ්ඩායම බවට ද BTS පත්විය.

ඔවුන් ඉකුත් ජුනි මාසයේ පැවැත්වූ Online සංදර්ශනය ගිනස් වාර්තා පොතට එක්වූයේ සජීවීව Online ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ සංගීත සංදර්ශනය බවට පත්වෙමිනි.

BTS කොරියානු පොප් ඉතිහාසයේ නව පරිච්චේදයක් රචනා කරමින් සිටින බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ද වරක් ප්‍රකාශ කළේ ය.

BTS සිය නවතම සංගීත ඇල්බමය එළි දැක්වීමට සූදානම් වන අතර එය නම් කර ඇත්තේ BE ලෙසයි.

BTS මේ වසර තුළ එළිදක්වන දෙවන ගීත ඇල්බමය මෙය වන අතර BE ගීත ඇල්බමය ලබන නොවැම්බර් මස 20 වනදා එළි දැක්වීමට නියමිතයි.

Read more

Local News