වෛද්‍යවරුන්ට ගුවනින් යා හැකි ඇඳුමක් එංගලන්තයේ අත්හදා බලයි

Share

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්” එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින් අත්හදා බලා තිබේ.

මෙම ක්‍රමවේදය හේතුවෙන් තත්පර 90කින් පමණ අසනීප වී ඇති පුද්ගලයා වෙත යෑමට වෛද්‍යවරයාට හැකි වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම අත්හදාබැලීම් කළ ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ විශේෂයෙන් ම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්‍රමවේදය වැදගත් වනු ඇති බවයි.

Read more

Local News