ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

Share

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකය සදහන් කරයි.

 

එහි අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා සඳහන් කළේ පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ මෙම අවදාන‍ම මතුව ඇති බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස 9ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,733ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය. එම සංඛ්‍යාව 11,608කි.

මෙම වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News