ආමි සමන්තගේ බිරිඳට සිදුවූ දේ

Share

දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ආමි සමන්තගේ” බිරිඳ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 540 ක් පොලීසිය භාරයට ගෙන ඇත.

අදාළ සැකකාරිය ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිට තිබේ.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකගෙන් ලබාගත් තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 24ක් මුදලක් ද සොයාගෙන ඇත.

Read more

Local News