ආසන ගණනට පමණක් බස්වල මගීන් ප්‍රවාහනයට තීරණයක්

Share

ආසන සංඛ්‍යාවට පමණක් බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

 

කොරෝනා වසංගතයත් සමග ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව එම තීරණය ගත් බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් බස් රථවලට ඇතුළු කර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කරන්නැයි සියලු නිලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

Read more

Local News