අප හැම විටම දූෂණයට විරුද්ධයි, අපේ අයට චෝදනා තිබේ නම් ඉවත් වන්න කියනවා – අගමැති

Share

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරිම සඳහා මාතලේ නගරයේදී ඊයේ (06) පැවති ජන රැලියකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

අනෙකුත් දේශපාලන පක්ෂ දූෂණය සහ වංචාව විවේචනය කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂයේ අය සම්බන්ධයෙන් එල්ල වු දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ බවත් අනෙකුත් පක්ෂත් එසේ තම පක්ෂයේ අයට ‍එරෙහිව ඉදිරිපත් වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමා අභියෝග කරන බවයි.

අප හැම විටම දූෂණයට විරුද්ධයි. අපේ අයට චෝදනා තිබේ නම් ඉවත් වන්න කියනවා. අනෙක් පක්ෂවල අපේක්ෂකයින් අතර හොරුන්, දූෂකයින් සිටියත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කෑ ගහනවා විතරයි. එජාපයට බනිනවා. පක්ෂය පිරිසිදු කරන්නේ එජාපය විතරයි. තම පක්ෂය පිරිසුදු නොකර එක්සත් ජාතික පක්ෂයට බැනීමෙන් ඵලක් නැහැ. එම පක්ෂවලටත් චෝදනා ඇති අය හෙට සිට ඉවත් කිරිමට ශක්තියක් තිබේ දැයි පෙන්වන ලෙස තමා අභියෝග කරනවා යැයි අගමැති පැවසීය.

Read more

Local News