ARMY COMMANDERS LEAGUE ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹේ

Share

ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලියක් මෙරටදී පළමු වරට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුව විසින් සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා එනම් අද දින සිට ආරම්භ වෙයි.

නොදන් වොරියස්, ඊස්ටන් වොරියස්, සදන් වොරියස් සහ වෙස්ටර් වොරියස් ලෙස කණ්ඩායම් 4 නම් කර තිබේ.

නොදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය සීක්කුගේ ප්‍රසන්නට හිමිව ඇත.

සදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරයි.

ඊස්ටන් වොරියස් කණ්ඩායමේ නායකත්වය අසේල ගුණරත්න විසින් දරන අතර වෙස්ටර් වොරියස් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

Read more

Local News