මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායන කෙරේ

Share

මේ වනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව සදහන් කර තිබෙන අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

 

ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read more

Local News