තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස්ථානය වෙත භාර දි ඇත.

මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් 45 – 28 වයස් කාණ්ඩ වල අය බව සදහන් වේ.

මෙම දුම්වැටි ප්‍රවාහනය සඳහා යොදවා ගත් කාර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිගරට් ජාවාරම කලක සිට සිදුකරන ලද්දක් බවට තොරතුරු අනාවරණය වේ. මොවුන් විසින් මෙම දුම්වැටි කලුතර, බණ්ඩාරගම, හොරණ, බේරුවල යන ප්‍රදේශ සදහාද බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවට වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News